දෙමළ සන්ධාන යෝජනා ගැන ගෝඨාගේ තීන්දුව පැහැදිලියි! අපි බලා ඉන්නේ සජිත්ගේ තීන්දුව ලැබෙන කල්! – ශිවාජිලිංගම්

October 24, 2019 at 2:33 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ තුන සහ තවත් පක්ෂ දෙකක් එකතුව ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාවට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ජනාධිපති අපේක්ෂක එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

එම යෝජනාවලිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ස සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඊට එකඟ නොවන බව සඳහන් කර ඇති හෙයින් ඒ පිළිබඳ තවදුරටත් කතා කිරීම අවශ්‍ය නැති බව ඔහු සඳහන් කරයි.

අනුර දිසානායක ජනාධිපතිවරණ ජයග්‍රහණය නොකරන බව දන්නා හෙයින් ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන බව හෙතෙම කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස