දෙමළ සන්ධානය හින්දු නායකත්වයක් ඉල්ලයි! ඩයස්පෝරාව මෙතෝදිස්ත ක්‍රිස්තියානි සුමන්දිරන්ගේ සහායට!

February 20, 2019 at 6:00 am | by admin

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතාගෙන් පසු පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා දෙමළ සන්ධානය තුළ තුන්කොන් සටනක් නිර්මාණය වීමෙන් නායකත්ව අර්බුදයක් හටගෙන ඇතැයි දෙමළ සන්ධාන ආරංචි මාර්ග පවසයි.

එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනභවන් යන මන්ත්‍රීන් අතර මෙම සටන හටගෙන ඇත. ඒ සමඟ උතුරේ උපන් හින්දු ආගමිකයකු පක්ෂ නායකත්වය දැරිය යුතු යැයි එම පක්ෂය තුළ ප්‍රබල මතවාදයක් ප්‍රචාරය කෙරෙමින් පවතී.

සම්පන්දන් මහතා ළඟට සිටින ජ්‍යෙෂ්ඨයා වන සේනාධිරාජා මන්ත්‍රීවරයා ද මඳ අසනීප තත්ත්වයෙන් පසුවෙයි. එහෙත් ඔහු ද නායකත්වය අපේක්ෂා කරයි. සුමන්තිරන් මන්ත්‍රීවරයාට දෙමළ ඩයස්පෝරා සහයෝගය ලැබේ. එහෙත් දෙමළ සන්ධානයේ සෙසු සමහර පක්ෂවලින් ඔහුට විරෝධය එල්ල වී ඇත. විශේෂයෙන් සුමන්දිරන් මෙතෝදිස්ත ක්‍රිස්තියානි ආගමිකයකු වන අතර ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ උප සභාපතීත්වය ද දරන්නේ ඔහුය.

සරවනභවන් මන්ත්‍රීවරයා පවසන්නේ පක්ෂ නායකත්වය තමන්ට හිමිවිය යුතු බවය. නො එසේ නම් උතුරේ මහ ඇමැති අපේක්ෂකත්වය හෝ තමන්ට ලැබිය යුතු බවකි. ඊට සහාය ලබාගැනීමට සරවනභවන් පසුගිය සතියේ කැනඩාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය ආදී රටවල තානාපතිවරුන් ද පෞද්ගලිකව මුණගැසී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *