දෙමළ සන්ධානය ව්‍යවස්ථාදායක සභාවේ අසුනක් ඉල්ලයි!

February 15, 2019 at 6:43 am | by admin

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත්වීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු තිදෙනෙකු ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන බවත් සිය පක්ෂයට එහි අසුනක් නොමැති වීම පිළිබඳ කතානායක දැනුම්වත් කරන බවත් දෙමළ සන්ධානය පවසයි. ඒ මහින්ද රාජපක්ෂ, මහින්ද සමරසිංහ සහ චමල් රාජපක්ෂය.

ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කතානායක ද සාමාජිකයන් ලෙස අගමැති, විපක්ෂ නායක, අගමැති සහ විපක්ෂ නායකගේ නියෝජිතයන් දෙදෙනා, ජනපති නියෝජිතයා, සුළු පක්ෂ නියෝජිත සහ සිවිල් සාමාජිකයන් තිදෙනෙක් කටයුතු කරයි.

සිවිල් සංවිධාන නියෝජිතයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවෙඩ් යුසුෆ් හා මහාචාර්ය ජෙෆ්රි අලගරත්නම් යන අය කටයුතු කරයි.

මේ වන විට සුළු පක්ෂ නියෝජිත ලෙස කටයුතු කරන්නේ ජවිපෙ බිමල් රත්නායකය. දෙමළ සන්ධානය විපක්ෂයේ වැඩිම ආසන ගණනක් හිමි සුළු පක්ෂය නිසා සුළු පක්ෂ නියෝජිත අසුන හිමි විය යුත්තේ ඔවුන්ටය.

කෙසේ වුවද ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය එජාපයට හිතවත්ව ඉතාම පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීිවරු ද වෙනත් පාර්ශව විසින් ද චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *