දෙමළ සන්ධානය දෙදරයි….! ටෙලෝ ප්ලොට් ස්වාධීන වෙයි…?

June 14, 2021 at 1:50 pm | by emanisalk

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබදව සාකච්ඡාවක් ඊයේ (13) මන්නාරමේ දී පවත්වා තිබේ

ටෙලෝ සංවිධානයේ නායක වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට මේ වන තුරු පක්ෂයේ නිල ප්‍රකාශකයෙකු හා පක්ෂ සංවිධායකවරයෙකු නොමැති නිසා පාර්ලිමේන්තුවේදී ටෙලෝ හා ප්ලොට් සංවිධානයේ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීම සඳහා ලැබෙන්නේ අඩු කාලයක් බවයි.

මේ නිසා ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු‍ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවට විශාල චෝදනාවක් එල්ල කොට ඇති බව කි සෙල්වම් අඩෙයිකලනාදන් මේ චෝදනාව සාධාරණ නිසා පාර්ලිමේන්තුව තුළ ටෙලෝ හා ප්ලොට් යන පක්ෂ දෙක ස්වාධීනව කටයුතු කිරීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරගෙන යන බව පවසයි.

මේ සාකච්ඡාවට සහභාගී වු ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් තවත් එක් අවස්ථාවක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට ලබා දී පක්ෂය සඳහා ප්‍රකාශකයෙකු හා පක්ෂ සංවිධායකවරයෙකු ඉක්මනින් පත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමට යෝජනා කළ බව ද අඩෙයිකලනාදන් පැවසීය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස