දෙමළ සන්ධානය දෙකඩ වෙයි! විග්නේෂ්වරන්ගෙන් නව සන්ධානයක්!

February 10, 2020 at 10:00 am | by emanisa.lk

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක එකතුවෙන් නව දෙමළ ජාතික සන්ධානයක් සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 9 දා යාපනයේ හෝටලයකදී සිදු කෙරිණි.

උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන් එක්වූ එම දේශපාලන පක්ෂ හතරක නායකයන් නව දෙමළ සන්ධානය ‘දෙමළ ජනතා දේශීය සන්ධානය’ ලෙසින් නම් කොට තිබුණි.

මෙම අවස්ථාවට දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ නායක සී. වී. විග්නේෂ්වරන් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ඊළාම් ස්වයං රාජ්‍ය කලහම් පක්ෂයේ නායිකා ආනන්දි ශෂිදරන්, ටෙලෝ සංවිධානයෙන් බිඳී ගොස් නව දෙමළ දේශපාලන සන්ධානයක් බිහිකර ගත් එස්. ශ‍්‍රී කාන්තා සහ එම පක්ෂවල පිරිසක් සහභාගි වූහ.

මුල් සාකච්ඡාවේදී දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මේ සන්ධානය සමග එක්වීමට කැමති බව ප‍්‍රකාශ කොට තිබුණද, අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ඔහු සහභාගි වී නොතිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස