දෙමළ සන්ධානය කොළඹ බලය අල්ලන්න සූදානම්! කොළඹ එජාප බලකොටුව බිඳ වැටෙන ලකුණු!

March 28, 2019 at 5:27 pm | by admin

මෙතෙක් උතුරු නැගෙනහිරින් පමණක් මැතිවරණ සඳහා තරඟ වැදුණු දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ද තරඟ වැදීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි.

වැල්ලවත්ත, බම්බලපිටිය, කොටහේන, මට්ටක්කුලිය ආදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක බොහෝ දෙමළ ජනතාව පදිංචි වී සිටිති. මේ වන කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා දෙමළ 10.01%ක් ද ඉන්දීය දෙමළ 1.18%ක් ද ජීවත් වෙයි.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර පළාත්වලින් කොළඹට පැමිණි දෙමළ ජනතාව වීම සහ එම ජනතා දෙමළ සන්ධානයට තරඟ කරන්නැයි ඉල්ලා සිටීම ඊට හේතුව බව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පැවසූයේ බම්බලපිටියේ පැවති රැස්වීමකදීය.

මේ වන විට කොළඹ දෙමළ ඡන්දවලින් බහුතරය මනෝ ගනේෂන්ගේ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ වැනි පක්ෂ ඔස්සේ එක්සත් ජාතික පක්ෂයට හිමි වන අතර දෙමළ ජනතාව බහුල ආසනවල ජයග්‍රහණය ද එජාපයට හිමි වෙයි. දෙමළ සන්ධනය කොළඹින් තරඟ කළහොත් එය මනෝ ගනේෂන් වැනි දේශපාලකයන්ට මෙන්ම එක්සත් ජාතික

පක්ෂ ඡන්ද පදනම කෙරෙහි ප්‍රබල බලපෑමක් කරනු ඇත. ඒ සමගම දෙමළ සන්ධානයේ කේවල්  කිරීමේ හැකියාව ද ඉහළ යනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස