දෙමළ සන්ධානය එජාපයේ නියත පරාජය පිළිගනී! සම්බන්ධන් ජනාධිපතිවරණය කල් දමන වෑයමක!

August 17, 2019 at 9:57 am | by emanisa.lk

ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම නතර කර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ මගින් උතුරු නැගෙනහිර ජනතාවට බලය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් යුරෝපා දූත කණ්‌ඩායමෙන් ඉල්ලා ඇත.

පසුගිය ජනපතිවරණයේදී උතුරේ ජනතාව සියයට 90 ක්‌ ඡන්දය පාවිච්චි කළේ නව ව්‍යවස්‌ථාවකට බව පවසා ඇති ද්‍රවිඩ සන්ධාන නායකයා යුරෝපා සංගමය තම බලය පාවිච්චි කර ජනපතිවරණය නතර කළ යුතු බව ද සඳහන් කර තිබේ.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්‌ෂණ ප්‍රධානී රිකාඩෝ චෙල්ලෙරි ප්‍රමුඛ දූත පිරිස හමුවේ කරුණු දක්‌වමින් සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.

රජය විධායක ජනපති ක්‍රමය පවා අහෝසි කර නැති බවට පැමිණිලි කර ඇති ද්‍රවිඩ සන්ධාන නායකයා නව ව්‍යවස්‌ථාවක්‌ ක්‍රියාත්මක කිරීම රජය පසෙකට දමා ඇතැයි ද පළ කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ කඳවුරට සහාය නොදක්වන බවත් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය පිළිගෙන උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීමට එකඟ වන අපේක්ෂකයකු සිය සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස