දෙමළ මුස්ලිම් ඡන්ද ලබාගන්න පුළුවන් මෛත්‍රී මීළඟ ජනපති වීම කිසිවකුට වළක්වන්න බෑ! – දයාසිරි

June 19, 2019 at 8:13 am | by emanisa.lk

මෛත‍්‍රිපාල සිරිසේන මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවකුට වැළැක්විය නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.

කිසිවකු මේ ගැන කලබල වීමෙන් ඵලක් නොවන බවද, එය අද දකින්නට ලැබෙන තත්ත්වය බවද ඊයේ (18 ) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේය.

මුස්ලිම් හා දෙමළ ජාතිකයන්ගේ ඡන්ද ලබා ගැනීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව හැමෝම පිළිගත යුතු බවද හෙතෙම කීවේය.

මේ නිසා වත්මන් ජනාධිපතිවරයා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම ගැන කිසිදු සැකයක් නොමැති බවද, ඒ සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයිද පැවසූ මහලේකම්වරයා පක්ෂය අලුත් වැඩපිළිවෙළක් සහිතව ශක්තිමත්ව ජනාධිපතිවරණයට මුහුණ දෙන බවත් කීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂට හිමි වන බවද චමල්, බැසිල්, නාමල්, ශෂේන්ද්‍ර, නිරූපමා යන අය ඇමැති මණ්ඩලයට ඇතුළත් වන බව ද කී ඒ මහතා එය රාජපක්ෂවරුන්ගේම ආණ්ඩුවක් වන බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්වුවහොත් වඩා ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් පත් කළ හැකි වන බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස