දෙමළ ජාතික සන්ධානය දෙදරයි! වියාලේන්ද්‍රන් ගෝඨාට එක්වෙයි!

October 14, 2019 at 1:43 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන බව ප්‍රකාශ කර තිබේ.

අද (14) මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

වියාලේන්ද්‍රන් 2018 ඔක්තෝබර් 26 පිහිටු වන ලද මහින්ද රාජපක්ෂගේ දින 52 ආණ්ඩුවට එක්වී නියෝජ්‍ය ඇමතිකමක් ද ලබාගත්තේය.

මුස්ලිම් අන්තවාදයට එරෙහිව අතුරලියේ රතන හිමි උපවාසයක් ආරම්භ කළ අවස්ථාවේ එහිමියන්ට සහාය පළ කරමින් වියාලේන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක් ආරම්භ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස