දෘෂ්‍යාබාධිතයන්ට ඡන්ද පොළට සහායකයකු සමග යාමට අවසර…!

August 27, 2024 at 1:54 pm | by emanisa.lk

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

එහෙත් එම කැටුව යන සහායකයා යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතු අතර ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කළ යුතුය. අදාළ සහායකයා වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ අයෙකු විය යුතු අතර ඡන්ද අපේක්ෂකයකු නො විය යුතුය.

එමෙන්ම එම සහායකයා මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයෙක් වශයෙන් කටයුතු නොකරන්නෙක් විය යුතුය.

එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

එසේ ලබාගත් ඉල්ලුම්පත සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත්කර සහතික කර අනතුරුව එය රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙත ඉදිරිපත්කර සහතික කරගත යුතුය. ඡන්දය සලකුණු කිරීමට යාමේදී ඡන්ද දායකයා සහ සහායකයා යන දෙදෙනාම ජාතික හැඳුනුම්පත හෝ ඡන්දපොළේදී පිළිගන්නා හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යවශ්‍ය ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *