ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර පද්ධතියට LNG සැපයීමේ ඒකාධිකාරය ගිවිසුමක් මගින් සදාකාලිකව ඇමරිකාවට ලබා දීමේ සූදානමක් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
අදාළ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා තිබිය දී ටෙන්ඩර් නොදැමූ සමාගමට ව්‍යාපෘතිය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
අප දූෂිත යැයි කියා පතුරු ගැසූ ජේ. ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් යුගයේවත් මෙවැනි දෙයක් සිදු නොවූ බවට ද හෙතෙම චෝදනා කරයි.
ලංකාවේ විදුලි බලාගාර පවතින තුරා ලංකාව පාලනය කිරීමේ යතුර මෙම ගිවිසුම මගින් ඇමරිකාවට භාර දීමක් මෙම ගිවිසුම මගින් සිදුවන බවට ද ඇමැති ගම්මන්පිල අනතුරු ඇඟවූයේ ය.