දූෂණ විරෝධී පනතට තරුණ මන්ත්‍රීිගෙන් බාල්දියක්…!

July 31, 2024 at 3:01 pm | by emanisa.lk

දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහුගේ ඉල්ලීම පිළිබඳව ජනාධිපතිවරයා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළදී තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව මීට පෙර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කළ අතර මේ වන විට ඒ සඳහා සියලු කටයුතු සූදානම් බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *