දුවගේ මරණ පරික්ෂණය කළෙත් මුස්ලිම් වෛද්‍යවරු….! සිය දිවි නසාගත් බව කියන්නෙත් මුස්ලිම් වෛද්‍යවරු….! සිරුර ගොඩගෙන නැවත පරීක්ෂණ කරන්න….! – බදියුදීන්ගේ නිවසේ ඝාතනය වූ තරුණියගේ මව යුක්තිය පතයි…

July 26, 2021 at 5:12 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී සිරුරට ගිනි ඇවිළී මරුමුවට පත් ඉෂාලිනීගේ මරණ පරික්ෂණය පවත්වා ඇත්තේ මුස්ලිම් වෛද්‍යවරයෙකු විසින් බවත් එහෙයින් එම වාර්තාව පිළිගත නොහැකි බවත් ඇගේ මව පවසයි.

කතා කිරීමට තබා ඇස් ඇර බැලීමටවත් නොහැකිව අසාධ්‍යව සිටි තම දියණිය තමා ගිනි තබා ගෙන සිය දිවි නසා ගැනීමට කටයුතු කළේ යැයි මුස්ලිම් වෛද්‍යවරයෙකු සාක්ෂි දීම ද පිළිගත නොහැකි බව ඇය සඳහන් කරයි.

සිය දියණිය සිරුරට ගිනි තබා ගත්තේ යැයි පිළිගත නොහැකි බවත් ඈ මරා දැමූ අපරාධකාරයින්ට නිසි දඬුවම් ලබා දී යුක්තිය ඉටු කළ යුතු බවත් ඉෂාලිනීගේ මව වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

එහෙයින් සිය දියණියගේ සිරුර නැවත ගොඩගෙන මරණ පරීක්ෂණය සිදුකළ යුතු බවත් මෙවැනි අපරාධයක් තවත් දරුවෙකුට නොවිය යුතු බවත් ඇය අවධාරණය කරයි.

මේ පිළිබඳ කොළඹ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ බව සඳහන් කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස