දුරකතනය කොල්ලකෑ බවට පැමිණිලි කළ පුද්ගලයා අත්අඩංගුවට…! දුරකතනය තරුණියන්ගේ අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප ගබඩාවක්….!

July 29, 2021 at 1:45 pm | by emanisa.lk

සිය දුරකතනය කොල්ලකන කොල්ලකන ලද බවට ලැබුණු පැමිණිල්ලක් අනුව දුරකතනය පැහැරගත් දෙදෙනාට අමතරව දුරකතනයේ හිමිකරු ද අත්අඩංගුවට ගැනීමේ පුවතක් වත්තලින් වාර්තා වෙයි.

එයට හේතුව අදාළ දුරකතනයෙහි තරුණියන් අට දෙනෙකුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමූහයක් අදාළ දුරකතනෙහි ඇතුළත්ව තිබීම ය.

මෙසේ වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල 23 හැවිරිදි තරුණයෙකි. සැකකරුගේ දුරකතනය කොල්ලකන ලදැයි පැවසෙන වත්තල 25 සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

රු. ලක්ෂයක් පමණ වටින දුරකතනය මිලට ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් දෙහිවල තරුණයා වත්තලට ගෙන්වා ගෙන එය පැහැරගෙන තිබේ. එම දුරකතනයෙහි අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ පෙම්වතියකගේ නිරුවත් ඡායාරූපයක් ද තිබී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *