දුමින්ද සිල්වා නැවතත් දේශපාලන පිටියට…! අරලිය මැදුරට ගොස් අගමැති මහින්ද හමු වෙයි….!

July 12, 2021 at 10:24 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත් වී තිබේ.

ඒ අද (12) අරලියගහ මන්දිරයේ දී ය.

දුමින්ද සිල්වා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිරගත විය.

කෙසේ වුව ද ඔහුට පසුගිය පොහෝ දින ජනාධිපති සමාව යටතේ නිදහස ලැබිණි.

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී පොදුජන පෙරමුණු බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂකයා දුමින්ද සිල්වා බවට පසුගිය සමයේ පුවත් පළවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *