මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරුකර තිබේ.
ඊයේ (10) පස්වරුවේ ඔහු මෙලෙස සාමාන්‍ය සිර මැදිරියකට මාරු කළ බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.
වෛද්‍ය නිර්දේශ මත මෙතෙක් කලක් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිටි අතර ඔහු තව දුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් විසින් නිර්දේශ කර ඇත.
ඒ අනුව ඔහු බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.