දුමින්දට සමාව දීම විශාල පිංකමක්…! ඒ නිසා අධිකරණයේ පොලිසියේ ගෞරවය තවත් වැඩි වුණා…! – ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක හිමි…

June 28, 2021 at 5:17 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට දැඩි අසාධාරණයක් වූ බව රංජන් රාමනායකගේ දුරකතන හඬපටවලින් තහවුරු වන බව ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක වල්පොළ පියනන්ද හිමි පවසයි.

එහෙයින් නිදහසේ කරුණු සලකා බලා නීති උපදෙස් ලබා ගෙන දුමින්ද සිල්වාට සමාව ලබා දීම පිළිබඳ ජනාධිපතිවරයාට පිං දෙන බව එහිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයාගේ මෙම කාර්ය නිසා අධිකරණය සහ පොලිසිය කෙරෙහි ජනතාවගේ ගෞරවය වැඩි වූ බව ද පියනන්ද හිමි ප්‍රකාශ කරයි.

ලංකාවේ සියලු ම ජනාධිපතිවරු පමණක් නොව ඇමරිකාවේ සියලු ම ජනාධිපතිවරු ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරු ද මෙලෙස සිය බලතල අනුව මරණ දඬුවමට යටත් කළ අයට සමාව ලබා දී ඇති බවත් එහිමියන් අනාවරණය කළහ.

දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීම පිළිබඳ තමන් වහන්සේ බෙහෙවින් සතුටු වන බව ද වල්පොළ පියනන්ද හිමි වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *