දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන, කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා ඉකුත් වසර තුන තුළ ජල බිල්පත් ලෙස රුපියල් නවකෝටි විසි හතර ලක්ෂයකට අධික (92,398,532) මුදලක් දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
එම නිවාසවල පදිංචි එක් නිලධාරියෙකුගෙන් ජල බිල්පත් වෙනුවෙන් මසකට අයකර ඇත්තේ රුපියල් 5ක මුදලක් වීම ඊට හේතුව වී තිබේ.
රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉන්ජිනේරු උප දෙපාර්තමේන්තුවේ කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා ජල බිල්පත් ලෙස වසරකට රුපියල් මිලියන 30කට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම නිවාසවල නිසි පරිදි ජල මීටර් සවිකර වියදම් කළමනාකරණය කළ යුතු බැව් විගණනය මඟින් නිර්දේශ කොට ඇත. ජල මීටර් සවිකොට නියමිත පරිදි ජල බිල්පත් අයකිරීම මේ වන විට සිදුකරමින් පවතින බව ද ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත.