දිළිඳු ජනතාවට ජනපතිගෙන් නත්තල්… අස්වැසුම ඉහළට….!

December 25, 2024 at 8:02 pm | by emanisa.lk

අස්වැසුම සුබසාධක ගෙවීම් ඉහළ දැමීමේ සංශෝධනය ගැසට් කර තිබේ.

ඒ අනුව රුපියල් 8500 දීමනාව රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා ඇති අතර රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ අතරේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ සහ අන්ත දිළිඳු තැනැත්තන් සහා පවුල් 480,000ක් සඳහා පිළිවෙලින් රුපියල් 5,000 සහ 17,00ක මාසික සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් ගෙවනු ඇත.

දුප්පත් පවුල් 960,000ක් සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ දීමනාවන රුපියල් 10,000කි. එමගින් සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය 2025.03.31 දක්වා දීර්ඝ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *