දිවි පරදුවට තබා වුහාන් ගිය ගුවන්නියමුව⁣න්ට කෘතගුණ සැලකූ හැටි මෙන්න ! අඳබාල විදුහල්පති දරුවන්ට පාසලත් අහිමි කරවයි!

February 3, 2020 at 9:31 am | by emanisa.lk

කොරෝනා වෛරසය පැතිර යන චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු රැගෙන පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයේ නියමුවන්ගේ දරුවන්ට සති දෙකක කාලයක් පාසල් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ විදුහල්පතිවරයා විසින් නියම කර ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණු බව මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

“වූහාන් නගරයේ ගුවන් යානය පදවාගෙන ගිහිල්ලා, මරණයේ නගරයට ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකික දූ දරුවන් බේරාගෙන ලංකාවට ගෙනාපු ගුවන් යානගේ ගුවන් නියමුවන්ගේ දරුවන්ට දවස් 14ක් පාසල් එන්න එපාය කියලා කිසියම් පාසලක විදුහල්පතිවරයෙක් සඳහන් කළා කියලා මට දැන් එනකොට දැනගන්න ලැබුණා.

ඒ සියලූම දෙනා ආරක්ෂාව සහිතව තමයි – මේ අනතුර තමන්ගෙ ඇඟට බලෙන් දාගන්න හිතුවක්කාරකමට ලෙඩ බෝකර ගන්න දඟළන පිරිසක් නෙවෙයිනෙ – බොහෝම ආරක්ෂාව සහිතව තමයි ඒ ගුවන් නියමුවන් දෙදෙනා ඒ ගුවන් තොටුපළට ගියේ සියලූම අවශ්‍ය කරන ආරක්ෂා ඇඳුම් ඇඳගෙන. ඒ ගුවන් නියමුවන්ගෙ දරුවන්ට පාසලට එන්න එපා කියලා කවුරුහරි විදුහල්පති කෙනෙක් කියනවා නම් ඒ විදුහල්පතිවරයා පිළිබඳ නැවත පරීක්ෂා කරලා බලන්න වෙනවා.

මේ කෘතගුණ සැලකීම කියන එක නැති ජාතියකට ලෝකෙ කවදාවත් හරියන්නෙ නෑ. අපි මෙහෙම ඉන්න එක පුදුමයි අපේ මේ තියන කළගුණ සැලකීමේ මට්ටම හැටියට” යනුවෙන්ද එහිමි සඳහන් කළේය.

මැදගොඩ අභයතිස්ස හිමි මේ බව පැවසුවේ ඊයේ (02) රාජගිරිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස