දිවයින පුරා ඇඳිරි නීතිය සඳුදා අවසන්! කොළඹ ඇතුළු රතු දිස්ත්‍රික්ක තව දුරටත් lock down!

April 25, 2020 at 10:49 am | by emanisa.lk

මාසයකට අධික කාලයක් දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය එළඹෙන සඳුදා උදෑසන 5ට ඉවත් කිරීමට පොලිස් මූලස්ථානය තීන්දු කර තිබේ.

ඒ අනුව කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇතුළු දිස්ත්‍රික්කවල ද ඊයේ රාත්‍රී ඇඳිරි නීතිය පැන වූ සෙසු දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය ඉවත් කෙරේ.

කෙසේ වුවද කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්කවලට ඇතුළු වීම ද පිට වීම ද තව දුරටත් සම්පූර්ණයෙන් තහනම්ය.

එසේම ඇඳිරි නීතිය බලපැවැත් වූ සමයේ අත්‍යවශ්‍ය සේවා සහ කෘෂි කාර්මික කටයුතු සඳහා පැන වූ නීති රීති තව දුරටත් බලාත්මක බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස