දිලිත්ට එරෙහිව ජනාධිපති ලේකම් පොලිසි යයි…!

October 23, 2021 at 2:31 pm | by emanisa.lk

දියර නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට බැර කර ඇති බවට සති අන්ත පුවත්පතක් පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සඳහන් කරයි.

එය තරයේ ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ලේකම්වරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ඒ අනුව එම වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් වහා පවත්වන ලෙස පොලිස්පතිවරයාට ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

ව්‍යාපාරික දිලිත් ජයවීරගේ සභාපතිත්වයෙන් යුතු අරුණ පුවත්පත මගින් මෙම පුවත පළකර තිබිණි. ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතෙකු වන දිලිත් ජයවීර ඔහු ජනාධිපති ධූරය සඳහා පත්කර ගැනීම සඳහා සහය දුන් අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *