දියුණු වෙන්න නම් ජැටියක් නෙමේ රට ම විකුණා දැමිය යුතුයි..! – වරාය සභාපති…

January 30, 2021 at 7:45 am | by emanisa.lk

දියුණු වීමට නම් මුළු ලංකාව ම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක සඳහන් කළ බව රාවය පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයක් සිදු වීමට නම් වරාය නැගෙනහිර පර්යන්තය පමණක් නොව මුළු ලංකාව ම විකුණා දැමිය යුතු බව ඔහු පැවසූ බව එම වාර්තාවේ දැක්වෙයි.

දයා රත්නායක මෙලෙස අදහස් පල කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට කොටස් පැවරීම ගැන පුවත්පත විසින් කළ විමසීමක දී ය.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සහ මාධ්‍වේදීන් සමඟ රට දියුණු කිරීම අපහසු බැවින් රට ම විකිණීම වඩා යහපත් බව ඔහු වැඩිදුරටත් පැවසූ බව එම වාර්තාව කියයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස