දින 52 ආණ්ඩුව සමයේ ජනපති යටතේම තබාගත් රජයේ මුද්‍රණාලය ඇමති ගයන්තට පවරයි!

April 13, 2019 at 8:47 am | by admin

මෙතෙක් කලක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ තිබූ රජයේ මුද්‍රණාලය ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට පැවරීමට ඊයේ (12 දා) තීරණය කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනයට ද ජනාධිපතිවරයා අත්සන් තබා ඇත.

ජාතික ආණ්ඩුව පැවැති සමයේ රජයේ මුද්‍රණාලය රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා යටතේ තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කළ දින පනස් දෙකේ ආණ්ඩුව කාලයේදී ජනාධිපතිවරයා විසින් එය තමන් යටතේ ඇති ආරක්‍ෂක අමාත්‍යංශයට පවරා ගත්තේය.

ඉන් පසු වර්තමාන එක්සත් ජාතික පෙරමුණු රජය යටතේද ජනාධිපතිවරයා රජයේ මුද්‍රණාලය තමන් යටතේම තබාගත් අතර වෙනත් කිසිදු අමාත්‍යාංශයක් යටතට පවරා ගැසට් කළේ නැත.

එහෙත් ජනාධිපතිවරයා රජයේ මුද්‍රණාලය ඊයේ තමන් යටතට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළ බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *