දින 43කට පසු අනිත්දා රට නැවතත් විවෘත වෙයි…!

September 29, 2021 at 4:57 pm | by emanisa.lk

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා (1) අලුයම 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රට විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට නිකුත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් පැතිරීම පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය මුලින්ම පනවනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන දින ගණන 43කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *