දින 150ක් වුණත් පඩි පිට වර්ජනය කරන්න අපි සූදානම්…! – මහින්ද ජයසිංහ…

October 13, 2021 at 12:35 pm | by emanisa.lk

ඉදිරියට අවශ්‍ය නම් තවත් දින 100-150ක් වුව ද වැඩ වර්ජනයෙහි නිරත වීමට තමන් සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්, ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ පවසයි.

සිය වැටුප් වර්ධකය කිසිදු අඩුවක් නොමැතිව එකවර ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කරයි. අද (13) පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

අදාළ වැටුප් වර්ධකය අදියර 4ක් යටතේ ද අනතුරුව අදියර තුනක් යටතේ ද ලබා දීමට ආණ්ඩුව කැමැත්ත පළකර තිබිණි.

ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ එම වැටුප් වර්ධකය අදියර දෙකකින් ලබා දීමට එකඟ වී තිබිණි.

මේ වන විට මෙම වැඩ වර්ජනයට දින 100කට ආසන්න අතර මෙම සම්පූර්ණ කාලය තුළ ගුරුවරුන් සඳහා කිසිදු අඩුවක් නොමැතිව වැටුප් ලබා දී තිබේ.

වර්ජිත සේවකයින්ට වැටුප් ගෙවන ලොව එක ම රට ශ්‍රී ලංකාව බවට විවිධ වාර්තා පළවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *