දිනාදුන් මහ මැතිවරණයට පයින් ගැසූ ජවිපෙ මහ මැතිවරණයක් ඉල්ලා සටනේ!

February 19, 2019 at 8:00 am | by admin

මේ අවස්ථාවේ රටට උවමනා ජාතික මැතිවරණයක් බවත් ජනාධිපතිවරණය ලබා ගත හැක්කේ ජනාධිපතිවරයා නැවත ඉදිරිපත් වන්නේ නම් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහෙයින් මාස කිහිපයක් ඇතුළත මහ මැතිවරණයක් දිනා දීමට කටයුතු කරන එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු ජවිපෙ ඊට එරෙහිව ප්‍රබල සටනක් දියත් කළේය. එසේම පළාත් සභා 6ක් විසුරුවා හැර ඇති නිසා එම මැතිවරණ පැවැත්විය යුතු වුවද ඒ සඳහා ජවිපෙ මැදිහත් වන්නේ ද නැත. පවතින තත්ත්වය යටතේ මහ මැතිවරණයක් ලබා ගැනීමට ද පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්ත උවමනාය. එනම් මන්ත්‍රීවරු 150ක් කැමති විය යුතුය. ජවිපෙට ඇත්තේ මන්ත්‍රී ධුර 6කි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *