දිනලා අරලියගහ මන්දිරේ පෝදා ධර්මදේශනාව නතර කළ එජාපය පැරදිලා බණ අහන්න සූදානම්!

January 9, 2020 at 12:58 pm | by emanisa.lk

සෑම මසකම පොහෝ දින විපක්‍ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනයක් පැවැත්වීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබේ.

ඒ අනුව ප‍්‍රථම ධර්ම දේශනය හෙට (10) දුරුතු පෝ දා පෙරවරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන අතර කොල්ලුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි එම ධර්ම දේශනය පැවැත්වීමට නියමිතය.

ලබන 15 දා පැවැත්වීමට නියමිත තෛපොංගල් උත්සවය වෙනුවෙන්ද විපක්‍ෂ නායක කාර්යාලයේදී විශේෂ පූජාවක් පවත්වන බව එහි ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස