දිනක් ඇතුළත ලොව වැඩිම ආසාදිතයන් ඊයේ! ලංකාවෙන් ආසාදිතයන් 1යි!

May 21, 2020 at 10:10 am | by emanisa.lk

ගතවූ පැය 24 තුළ ලෝකය පුරා නව කොරෝනා රෝගීන් 106,000 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එය වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සැලකේ.

ජෝන්ස් හොප්කින්ස් සරසවියේ දත්ත අනුව ලොව පුරා පුද්ගලයින් 326,000 කට වැඩි පිරිසක් කොරෝනා වයිරසයෙන් මිය ගොස් ඇත.

කෙසේ වුවද ලංකාවෙන් ඊයේ දිනය තුළ වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයකු පමණක් වන අතර සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1028 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවපත් පිරිස 584කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව