දිගට ම රට වසා තැබීම ප්‍රායෝගික නෑ…! රට විවෘත කළ විට වගකීමෙන් හැසිරෙන්න…! – අගමැති….

August 26, 2021 at 10:25 pm | by emanisa.lk

මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අවධාරණය කරයි.

අරලියගහ මන්දිරයේ දී අද (26) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී අගමැතිවරයා මේ බව පවසා තිබේ.

එහි දී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවයි. ඒ අනුව රට යළි විවෘත කරන අවස්ථාවේදී ජනතාව ද වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අවධාරණය කරයි.

සෞඛ්‍ය, ආරක්‍ෂක ඇතුළු කොරෝනා මර්දන කටයුතුවලට එක්ව සිටින ප්‍රමුඛ පෙළේ කණ්ඩායම දිවි දෙවනි කොට තබා මේ වන විට සිය කාර්යභාරය ඉටුකරමින් සිටින බවත් ජනතාවට ද රට වෙනුවෙන් සිය සහය පළ කිරීමට මෙය හොඳම අවස්ථාව බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස