දැවැන්ත කාබනික පොහොර ව්‍යාපෘතියෙන් ඇමැති අල්ලස් ඉල්ලයි….! ඩොලර් මිලියන 123 ව්‍යාපෘතිය අතහැර යුරෝපා ආයෝජකයා යන්න යයි…?

June 30, 2021 at 9:23 am | by emanisa.lk

මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකකට අනුමැතිය ලබා දීමට රජරට නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලස් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

අදාළ ව්‍යාපෘති දෙක සඳහා යුරෝපයේ සිටින ශ්‍රීලාංකික ව්‍යවසායකයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 123ක ආයෝජනයක් කිරීමට සූදානමක් ඇති පසුබිමක මෙලෙස මුදලක් ඉල්ලා ඇති බව එම ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් සඳහන් කරයි.

තිරිකුණාමලය හා වව්නියාව ප්‍රදේශවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අනුමැතිය ද ලැබී තිබිය දී අදාළ අමාත්‍යවරයා මෙලෙස අල්ලස ඉල්ලා තිබේ.

මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන යුරෝපීය ආයෝජකයා පවසා ඇත්තේ මේ සඳහා යම් මුදලක් රජයේ අමාත්‍යවරයකු බලාපොරොත්තු වන්නේ නම් ශ්‍රී ලංකාව තුළ අදාළ ව්‍යාපෘති සිදු නොකරන බවයි.

එම ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කරන බව බවසා තිබේ. මෙවැනි ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සිටින තුරු මේ රට දියුණු කළ නොහැකි බවත් එය ජනාධිපතිවරයා අපේක්ෂා කරන ආකාරයට මෙරටට ආයෝජන ගෙන්වා ගැනීම මහත් ගැටළු සහගත බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස