ලිංගික බෙලහීනතාව නොතකා හරී….! දැරිය දූෂණය කළ මිහින්තලේ උප සභාපති පොහොට්ටුවෙන් පන්නයි…..!

July 3, 2021 at 7:47 am | by emanisa.lk

15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අයි. එම්. ලලිත් එදිරිසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරයි.

පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බරපතළ දූෂණ ක්‍රියාවක් සිදුකළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අදාළ උපසභාපතිවරයා අත්අඩංගුවට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි.

පොදුජන පෙරමුණ නියෝජනය කරන කිසියම් පළාත් පාලන සභිකයෙකු දූෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලබන අවස්ථාවල දී ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව සාගර කාරියවසම් අවධාරණය කරයි.

ඒ අනුව ඊට අදාළ චෝදනා පත්‍රය මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වෙත යැවීමට නියමිත අතර නැවත දැනුම් දෙන තුරු ඔහුට පොදුජන පෙරමුණ වෙනුවෙන් හෝ එහි සාමාජිකයෙක් ලෙස හෝ පෙනී සිටීම තහනම් වනු ඇත.

කෙසේ වුව ද මොහු සිය නීතීඥයා මාර්ගයෙන් අධිකරණයට පවසා තිබුණේ තමා ලිංගික බෙලහීනතාවක් සඳහා ප්‍රතිකාර ලබා ගන්නා බවත් මෙම චෝදනාව අසත්‍ය බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස