බත් කවන අතර සිය අනියම් බිරිඳගේ කුඩා දියණියට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් “කුකුල් චමින්ද” යන සැකකරුට බන්ධනාගාර රැඳවියන් පහර දී රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි.
සැකකරු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඊයේ (07) ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
නිවසේ බෝතලයක් තිබූ සීනි කෑ බවට චෝදනා කරමින් කුඩා දැරියට පහර දුන් මෙම පුද්ගලයා නිවසින් පැන ගොස් පුල්මුඩේ කුඩා අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී වැලිඔය පොලිසිය මගින් පසුගිය 5 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.
දැරියට පහර දෙන අයුරු සැකකරුගේ පුතා තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.