දැරණියගල සභාපති රාජිත රෝහල් සායනික අපද්‍රව්‍ය ටෙන්ඩරය දීලා! සභාපති ඒ සතුට රාජිතට සුදු වෑන් කිඹුල් රියදුරන් දීලා!

December 22, 2019 at 11:43 am | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල කිරීම සඳහා රාජිත සේනාරත්න සංවිධානය කළ මාධ්‍ය හමුව සඳහා සුදු වෑන් රියදුරන් ලබා දී ඇත්තේ දැරණියගල එජාප සංවිධායක සහ එම ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් බව සබරගමුව පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද පවසයි.

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති සමයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ දැරණිගල සභාපතිවරයාටය. ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂට මඩ ගැසීම සඳහා මෙම අපරාධකාරයන් දෙදෙනා ලබා දී ඇති බව එහි දී පැවසිණි.

පසුගිය සමයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය දිවයිනේ විවිධ ප්‍රදේශවල හොර රහසේ අනාරක්ෂිත ලෙස බැහැර කර ගියේ ද දැරණියගල ප්‍රදේශයේ එසේ දමා යාමට උත්සාහ කිරීමේ දී ටිපර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත්තේ ද මෙම කොන්ත්‍රාත්තුවට අදාළ සායනික අපද්‍රව්‍ය වන අතර ඒ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් නොපැවැත්වුණු බව ද හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස