දැන් හමු වන්නේ සංචරණ සීමා දාන්න කලින් කොවිඩ් වැළඳුණු අයයි…! සති දෙකකට පස්සේ කරන PCRවලින් සංචරණ සීමාවල ප්‍රගතිය මනින්න පුළුවන්…! – මහාචාර්ය ප‍්‍රසාද් කටුලන්ද

June 7, 2021 at 7:33 am | by emanisa.lk

රට ම සංචරණ සීමාවකට ලක්ව නොතිබුණා නම් මේ වන විට මෙරටින් දිනකට හමුවන කොවිඩ් ආසාදිතයන් ගණන දැනට වාර්තා වන ප‍්‍රමාණයට වඩා කිහිප ගුණයකින් වැඩිවීමට ඉඩ තිබුණ බව අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ප‍්‍රසාද් කටුලන්ද පවසයි.

දැනට පවතින සංචරණ සීමාවන් නිසා කොවිඩ් ආසාදිතයන් අලුතින් හමුවීම පාලනය වී ඇති දැයි කියා නිවැරදිව හඳුනාගත හැක්කේ සංචරණ සීමා පැනවීමෙන් පසු ආරම්භ වන තෙවැනි සතියේ දී පමණ බවද ඔහු සඳහන් කළේය.

දැනට හමුවන්නේ රට සම්පූර්ණයෙන්ම සංචරණ සීමාවට යටත් කිරීමට පෙර ආසාදනයට ගොදුරු වූ රෝගීන්ගේ සහ ඔවුන්ගේ සමීපතයන්ට රෝගය වැළඳීම සම්බන්ධ දත්ත වාර්තා බව ද හෙතෙම කීවේය.

එනිසා සංචරණ සීමාවන් නිසා රෝගය පැතිරයෑම පාලනයවී ඇති දැයි කියා නිවැරදිව හඳුනාගත හැක්කේ දෙවැනි සතියෙන් පමණ පසු සිදුකරන පී.සී.ආර්. වාර්තා අනුව හමුවන රෝගීන් ගණන අනුව බවත් එහිදී දැනට දිනකට වාර්තාවන රෝගීන් ගණනට වඩා අඩුවීමක් ඇත්නම් සංචරණ සීමා පැනවීම සාර්ථක යැයි නිගමනය කළ හැකි යැයි ද පැවසීය.

එබැවින් සංචරණ සීමාවන් පැනවීම තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධව තීරණය කළ හැක්කේ තෙවැනි සතියෙන් පසු හමුවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අනුව බවත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රසාද් කටුලන්ද වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස