දැන් සෙල්ෆ් රෙෆ්ලටත් වාහනයක් දෙනවා….! මන්ත්‍රීවරුන්ට වාහන දීමට අපි විරුද්ධ නෑ,..! – මනූෂ….

June 11, 2021 at 7:55 am | by emanisa.lk

ප්‍රාදේශීය ලේකම්, අමාත්‍යංශ ලේකම්, වෛද්‍යවරු ආදී සියලු දෙනාට වාහන බලපත්‍ර හෝ සේවා කාලය තුළ භාවිතය සඳහා වාහනයක් හිමි වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

මේ වන විට පෞද්ගලික අංශයේ අලෙවි නියෝජිතයින්ට පවා සිය රාජකාරී කටයුතු සඳහා වාහනයක් හිමි වන බව හෙතෙම පෙන්වා දෙයි.

සමාජයේ දෝෂ දර්ශනයට ලක්වන්නේ මන්ත්‍රීවරයාට වාහනයක් හිමි වීම පමණක් බව ද මනුෂ නානායක්කාර සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ට ද සිය රාජකාරී සඳහා වාහන බලපත්‍රයක් හෝ පාවිච්චි කිරීමේ පදනම මත වාහනයක් ලබා දීමට සමගි ජන බලවේගය එරෙහි නොවන බව ද මන්ත්‍රීවරයා පවසයි.

මේ අර්බුදකාරී වාතාවරණය සමනය වන තුරු එය පමා කිරීම උචිත බවත් එම වාහන ලබා දෙන්නේ පාවිච්චි කර නැවත ලබා දීමේ පදනම මත බවත් මනුෂ නානායක්කාර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *