දැන් රටේ ඡන්ද තියන්න පුළුවන් තත්ත්වයක් නෑ! එජාපයට අවාසිදායක වෙලාවේ ඡන්ද ඉල්ලන්නේ ම්ලේච්ඡයෝ! – ජවිපෙ නායක අනුර (video)

May 2, 2019 at 5:09 pm | by admin

මේ අවස්ථාවේ රටට උවමනා ඉක්මන් මැතිවරණයක් නොවේ යැයි තමා විශ්වාස කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ තත්තවය ඉතා ඉක්මනින් පාලනය කර මැතිවරණයකට යා යුතු බව සිය පක්ෂ ස්ථාවරය බව හෙතෙම පවසයි. රට ස්ථාවර කර ඡන්දයක් පැවැත්වීමට ගතවන කාලය මෙම තත්ත්වය වර්ධනය වන ආකාරය අනුව බැලිය යුතු බව ද ඔහු පෙන්ව දෙයි.

එසේ නොමැතිව ආණ්ඩුව ඉල්ලා අස් වී ඡන්දයකට යා යුතු යැයි පැවසීම මෙම ම්ලේච්ඡ ක්‍රියාවන්ට අනුබල දීමක් යැයි ජවිපෙ නායකයා පැවසීය.

කෙසේ වුවද මෙම ගැටලුවලට මුවා වී මැතිවරණ කල් දැමීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු ප්‍රහාරකයන් දෙදෙනෙකුගේ මෙන්ම බෝම්බ නිෂ්පාදන කම්හලේ අයිතිකරුගේ පියා යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් පසුගිය මැතිවරණයේ ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළේය. ඔහු ජවිපෙ වෙනුවෙන් විශාල ධනස්කන්ධයක් වැය කර ඇති බව පැවසෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස