දැන් රටේම තියෙන්නේ විගණනය නොකළ ගිනි අවි 48යි… පාතාළයන්ට වැඩ කරන්න තියා හිතන්නවත් බැරි සමාජයක් අපි හදනවා…! – ආරක්ෂක ලේකම්…

February 22, 2025 at 7:13 pm | by emanisa.lk

මේ දිනවල පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පෙන්නුම කළ ද ඉදිරියේ දී ඒවා ඉතා පහළ මට්ටමකට පත්වෙන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.

“අද වෙනකොට පාතාල ක්‍රියකාරකම්වලට කිසිදු දේශපාලන සම්බන්ධකමක් සහ රැකවරණයක් ලැබෙන්නේ නැහැ. මේවට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් ලබාගෙන තිබෙනවා. පාතාල කණ්ඩයම ඇතුළත තිබෙන ගැටළු තමයි මේ එළියට එන්නේ. රජය හැටියට ආරක්ෂක ලේකම්වරයා ලෙස මේ තත්ත්වය අපි රජය පත්වුණා වහාම කිසිම අනුකුලත්වකට බැඳිලා නැතිව නිකුත්කර තිබෙන ගිනි අවි විගණනයක් ආරම්භ කළේ. අද වෙනකොට ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි විගණනයට අහුවෙලා නැත්තේ. 48ක් වැනි. අනෙක් සියලු ගිනි අවි ආරක්ෂක අමාත්‍යාංශය භාරයට පත්කරලා තිබෙනවා. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවක්.

ඒ වගේම නීතිගරුක නොවන අවි නිකුත් වෙලා තියෙන්නේ මේ රජය පත්වුණාට පස්සේ නෙවෙයි. මේ රජය යටතේ කිසිම අනීතික අවි ගනුදෙනු මඟින් අවි එළියට යාමක් වෙන්නේ නැහැ. මම හිතනවා ආරක්ෂක ලේකම් හැටියට අපි සියලු දෙනාම මේක අභ්‍යන්තර ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් වුණාට ජාතික ආරක්ෂාව පැත්තෙන් හිතනකොට අපිට වගකීමක් තියෙනවා. අපි හැම විටම බුද්ධි තොරතුරු මාර්ගයෙන් සහ ත්‍රිවිධ හමුදාවේ සූදානම් වීම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා ඕනෑම අවස්ථාවක මේ සම්බන්ධයෙන් සහය දෙන්න.

මම සහතික වෙනවා මේ ක්‍රියාකාරකම්වල වැඩිවීමක් වුණාට මේ ක්‍රියාකාරකම් ඉදිරියේදී ඉතාම පල්ලෙහා තත්ත්වයට පත්වෙනවා. අපිට ඕනේ අපි යම්කිසි දවසක නුදුරු අනාගතයේදී මේ ක්‍රියාකාරකම් කරන්න තියා හිතන්නවත් බැරි සමාජයක් නිර්මාණය කරන්න තමයි අපි මේ දේවල් සිද්ධ කරගෙන යන්නේ.”

අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *