දැන් පොලිසියට කිසිම දේශපාලන බලපෑමක් නෑ… පාතාළේ ඉවර කරන එක මහ කජ්ජක් නෙමෙයි …! – නියෝජ්‍ය පොලිස්පති…

December 25, 2024 at 6:00 pm | by emanisa.lk

පාතාළය සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සිල්වා පවසයි.

එය තනිව පොලිසියට පමණක් කළ නොහැකි බවත් ජනතා සහයෝගය අවශ්‍ය බවත් අවධාරණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා, නව ආණ්ඩුව පත්වූ පසු කිසිදු කුඩුකාරයෙක් නිදහස් කරන ලෙස ඉල්ලා පොලිසියට දුරකතන ඇමතුමක් නොලැබුණු බව ද අවධාරණය කරයි.

පාතාළය නැති කරන එකක් මහ ලොකු දෙයක් නොවන බවත් ඒ සඳහා නිදහසේ වැඩ කිරීමට යම් කාලයක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

යුද්ධය අවසන් කිරීමට අවුරුදු 30ක් ගිය බවත් පාතාළය ඊටත් වඩා දරුණු පාතාළය මර්දනය කිරීමට රටේ ලයිසන් චන්ඩි වන තමන්ට නිදහසේ වැඩ කිරීමට තව ටික කාලයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සිල්වා ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *