දැඩි සංචරණ සීමාවට දින 03ක විරාමයක්….! පාටි දාන්න පළාත පනින්න බෑ…! පොසොන් පෝයට නැවතත් සීමා…!

June 18, 2021 at 1:54 pm | by emanisa.lk

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා මේ මස 21 වනදා අලුයම 4ට ඉවත් කර මේ මස 23 වනදා රාත්‍රී 10 ට යළි පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මේ මස 21 වනදා අලුයම සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර, සංචරණය තහනම් බව ඔහු කියා සිටියි.

එමෙන්ම මහජන රැස්වීම්, පොදු ස්ථානවල රැස්වීම්, උත්සව සහ සාද තව දුරටත් තහනම් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *