දැඩි ඩොලර් හිඟයක්….! අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය නවතී….! කන්ටේනර් 1000ක් වරායේ හිරවෙයි….!

August 1, 2021 at 1:06 pm | by emanisa.lk

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මෙරට වාණිජ බැංකු මගින් ඩොලර් ලබානොදීම හේතුවෙන් දැනටත් වරායට පැමිණ තිබෙන භාණ්ඩ ගොඩබෑම නතරවී තිබේ. ඒ හේතුවෙන් ජුලි මාසයේ සිට භාණ්ඩ ඇණවුම් නතර වී ඇතැයිද වාර්තා වෙයි.

මෙම තත්වය මත රටේ ඉදිරි කාලයේ දී ආහාර ද්‍රව්‍ය හිගයත් ඇතිවීම වළක්වා ගැනිම සඳහා වහා මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් ලියමින් අත්‍යවශ්‍ය ආහාර හා වෙළඳ භාණ්ඩ ආනයන කරුවන්ගේ වෙළෙඳ සංගමය ඉල්ලා සිටියි.

සංගමය සඳහන් කරන්නේ ජුලි මාසයේදී ඇනැවුම් කළ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර දහසකට ආසන්න ප්‍රමාණයක් වූ වරායේ හිරවී ඇති බවයි.

ඒවා නිදහස් කර ගැනීම සඳහා ඇනවුම් කරුවන්ට ගෙවීම් කළ යුතු වුවද ඊට අවශ්‍ය ඩොලර් වාණිජ බැංකුවලින් නිකුත් නොකිරීමෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද ඔවුන් පෙන්වාදෙයි.

මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය වන අල, ලුණු, පරිප්පු, සීනි, මිරිස්, සුදුළුනු ආදිය ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 80ක් පමණ වැයවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *