දාහේ බඩු මල්ල 500ට දෙන්න එපා! නොමිලෙම දෙන්න! – සජිත්

March 30, 2020 at 12:00 am | by emanisa.lk

රු. 1000ක් වටිනා බඩු මල්ලක් රු. 500කට ලබා දීමෙ වැඩපිළිවෙළක් රජය අරඹා ඇතැයි තමන්ට දැනගන්නට ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ජනතාවට කිසිදු මුදලක් අයනොකර එම භාණ්ඩ ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.

එසේම විශේෂ ක්‍රමෝපායික සැලසුමක් අනුව රටේ ආහාර සහ බෙහෙත් හිඟය නැති කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා සිය පූර්ණ සහාය ආණ්ඩුවට හිමි වන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස