දළදා මාළිගාව අභියස සමලිංගික චිත්‍රපටයක් රූගත කරයි! සුද්දන්ට සාම්ප්‍රදායික නිලමේ ඇඳුමත් අන්දලා ඩෙඟා නටලා! සංස්කෘතිය ආගම රකින්න ආණ්ඩුවක් නැති රටේ මිනිස්සු පෙරට එති… (video)

April 3, 2019 at 8:52 am | by admin

මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට සාම්ප්‍රදායික නිලමේ ඇඳුම් විදේශිකයන්ට අන්දවා සමලිංගික විවාහයක් පදනම් කරගත් චිත්‍රපයටක් රූගත කළ පිරිසක් සහ නගරවාසීන් අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙම චිත්‍රපටය එංගලන්තය සඳහා නිෂ්පාදනය කරන බව එහි දේශීය නියෝජිතවරිය පවසයි. මේ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව, ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබා දී තිබීම විශේෂත්වයකි.

කෙසේ වුවද නගරවාසීන්ගේ විරෝධය නිසා නගරයේ සංස්කෘතියට හානිකර එම දර්ශන රූගත කිරීම නතර කිරීමට ද රූගත කළ දර්ශන මකා දැමීමට ද අදාළ පිරිසට සිදුවිය. මෙය වරදක් බව පහදා දීමෙන් අනතුරුව විදේශීය කාන්තාවක් සිය කනගාටුව ප්‍රකාශ කළාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස