දහඅට වසරකට පසු හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය විපක්ෂයට! එජාපයට පයින් ගසා පොහොට්ටුවේ එල්ලෙන්න කඩිනම් සාකච්ඡා!

November 24, 2019 at 5:15 pm | by emanisa.lk

පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවී කටයුතු කල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව ඔවුන් විපක්ෂය නියෝජනය කරන අතර 2001 වසරෙන් පසුව මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව නියෝජනය නොකර විපක්ෂයේ සිටින මුල්ම අවස්ථාවද මෙය වෙයි.

ඉදිරියේදී පවත්වන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී තරඟ කළ ද ඉන් පලක් නොලැබෙනු ඇති බව එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය නියෝජනය කරන බහුතරය පවසා ඇත.

ඒ අනුව දැනට වැඩි බලයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කිරීමට ඔවුන් බලාපොරොත්තුව වී තිබේ.

එහෙයින් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සමඟ සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස