දවස් 10ක් නෙමේ මාසයක් විදුලිය කපනවා! ඊට පස්සේ පෞද්ගලික විදුලිය අරගෙන දිගටම දෙනවා!

March 26, 2019 at 11:45 am | by admin

තවත් මසක් පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

මේ මාසය අවසන් වන විට විකල්ප බලශක්ති ක්‍රම මගින් පවතින අර්බුදයට විසඳුම් ලබා දෙන බවත් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදුවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස