දරුවෝ මන්දපෝෂණයෙන් මැරෙද්දී ණයට කුලුනු හදලා වැඩක් නෑ! රට දියුණු කරලා තවත් සල්ලි ඉතිරි නම් කුලුනු හැදුවාට කමක් නෑ! – ටිල්වින්

September 19, 2019 at 1:49 pm | by emanisa.lk

දකුණු ආසියාවේ උසම කුලුන යැයි විවෘත පාට පාට බල්බ් දැල්වෙන නෙළුම් කුලුන දැක්කාම ආස හිතෙන බවත් වයසක උපාසකම්මලා දැල්වෙන නෙළුම් මල දැක සාධුකාර දෙන බවත් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මෙම කුලුන විවෘත කරන අවස්ථාවේ එය රටට ආඩම්බරයක් බව පැවසූ ජනාධිපතිවරයා එහි දී කෝටි 200ක් සොරා කා ඇතැයි සඳහන් කළ බව ද හෙතෙම සිහිිපත් කළේය.

ලංකාවේ කුලුනක් හැදුවත් රු. කෝටි 200ක් ගසා කන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වුණේ යැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ නාස්තිය සඳහා ණය ගෙවන්නේ පීත්ත පටිය කැපූ අය හෝ එහි ගොස් තේ බොන අයවත් නොව එහි යාමටවත් නොහැකි ඈත ගම්වල දුප්පත් ජනතාව යැයි හෙතෙම පවසයි.

ළමයින් මන්දපෝෂණය හැදී මැරෙන, ජීවත්විය නොහැකි නිසා පවුල් පිටින් කෝච්චියට පනින, ගඟට පනින, කන්න නැතිව කරවිල තම්බා ගෙන දුප්පත් ජනතාවක් සිටින රටකට ණය වී කුලුනු ඉදිකරන්නේ කුමට දැයි ඔහු ප්‍රශ්න කරයි.

රට සංවර්ධනය කර රටේ ගැටලු විසඳා තවත් අතේ සල්ලි තිබේ නම් කුලුනක් තැනීමේ වරදක් නැතැයි ඔහු සඳහන් කරයි. එහෙත් සිදුවන්නේ සංවර්ධනයේ නාමයෙන් ජනතා මුදල් ගසාකෑම යැයි ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස