දරුවන් යොදවා හිඟාකෑම තහනම් කරනවා…!

October 7, 2021 at 7:59 am | by emanisa.lk

දරුවන් භාවිත කරමින් දුම්රිය, බස්රථ අදී පොදු ස්ථානවල දී මෙන්ම නගරබද මාර්ග තදබදයන්හිදී කූඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

ඒ, ‘සියල්ලටම පෙර දරුවන්’ 2021 ලෝක ළමා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ළමාරක්ෂක අධිකාරි පරිශ්‍රයේදී (5) පවැත්වූ වැඩසටහනකට සහභාගී වෙමිනි.

වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකසන බවත් පොලිසියේද සහය ලබා ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *