දරුවන් නැවත පාසලට යවන වැඩෙත් විපක්ෂයේ මහින්ද කරට ගනී! ඒකාබද්ධ මන්තීවරු සඳුදාට දරුවන් සමග පාසලට!

May 18, 2019 at 7:43 am | by admin

දරුවන් පාසල් යැවීම සඳහා දෙමවුපියන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ලබන 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තමා දැනුම්දීමක් කළ බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට ගොඩනැඟීම අරමුණු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කී මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලන රාමුවෙන් බැහැරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද කීවේය.

මේ අනුව මෙම වැඩපිළිවෙළ යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද දේශපාලනයෙන් තොරව පාසල්වලට ගොස් මවුපියන් සහ ගුරුවරුන් සමග එක්වී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මෙහිදී කතාබහට ලක් කෙරෙන බවද, කාටත් ආදර්ශ පිණිස එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දරුවන් පවා පාසල් රැගෙන පැමිණීමට දැනුම්දුන් බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස