දරුණු අපරාධකරුවන් බූස්සට යැවීම වැරදියි! බූස්ස බන්ධනාගාරයට STF දැමීමත් වැරදියි! – සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය…

June 8, 2020 at 6:48 pm | by emanisa.lk

දරුණු අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයේ වෙනම රැඳවීම අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ සුදේශ් නන්දිමාල් මේ අදහස් පළ කළේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මඟින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මිනිස් වාසයට නුසුදුසු ගොඩනැගිලි සහිත බූස්ස බන්ධනාගාරය දරුණු අපරාධකරුවන් සදහා පමණක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ද සැක සහිත බව කියා සිටියේය.

මේ වනවිට එහි ආරක්ෂාව සඳහා යැයි පවසමින් යොදවා ඇති විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර ඇතුළට පවා යන බවත් එය නීති විරෝධී කටයුත්තක් බවත් හෙතෙෙම කියා සිටියේය.

මේ සුදානම් වන්නේ දරුණු ගණයේ අපරාධකරුවන් යැයි කියා වෙන් කර බූස්ස බන්ධනාගාරයේ හුදකලා කරමින් හිතා මතා යමක් කරන්නදැයි සාධාරණ සැකයක් මතුවන බවත් හෙතෙම තව දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස