දයාසිරි ජයසේකර සජබට යන්න ගිවිසුමකුත් ගහලා…! – මෛත්‍රී…

July 27, 2024 at 12:14 pm | by emanisa.lk

ශ්‍රීලනිපයේ පිරිසක් එම පක්ෂය රනිල් වික්‍රමසිංහ වෙත ඇද ගෙන යාමට උත්සාහ කරන විට දයාසිරි ජයසේකර එය සජිත් ප්‍රේමදාස වෙත ඇදගෙන යාමට උත්සාහ කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එළඹෙන අගෝස්තු 08 වෙනිදා සමගි ජන බලවේගය සමග එකතු වීමට මේ වන විටත් ගිවිසුම්ගතව සිටින බවයි, ඔහු ප්‍රකාශ කළේ.

වර්තමාන දේශපාලන ආර්ථික අර්බුදය කළමනාකරණය කළ හැකි එකම පුද්ගලයා වන විජයදාස රාජපක්ෂ සිය පක්ෂයේ ජයග්‍රාහී අපේක්ෂකයා ලෙස නම් කොට ඇති පසුබිමක අවස්ථාවාදී කණ්ඩායම්වල ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ද මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *